විකිරණ කාන්දුවක් නැහැ

ඇමෙරිකන් හමුදාව, ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට සම්බන්ධ ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු එම ගබඩා සංකීර්ණවලින් කිසිදු විකරණ කාන්දුවීමක් මෙතෙක් වාර්තා වී නැතැයි ඒ ගැන විමසිල්ලෙන් පසුවන සෞදිය පවසා ඇත.

ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට සම්බන්ධ ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, පරමාණු බෝම්බ තැනීමට ඉරානයට හැකියාව ඇති බව පවසමිනි.

විනාශ වුණු එම ගබඩා සංකීර්ණවලින් කිසිදු ආකාරයක විකිරණ කාන්දුවක් සිදු නොවන බව ඉරාන ජාතික න්‍යෂ්ටික හා විකිරණශීලී නියාමන අධිකාරිය ද පැහැදිලි කර ඇත.

මේ අතර, ඇමෙරිකාව – ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය (IAEA)  හමුවක් කැඳවා ඇත.

ඒ අමෙරිකාව සිදුකළ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය බවට ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත දැනුම් දී ඇති බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *