ඇප කොන්දේසි නැති කෙහෙළියගේ එක් දියණියක් බන්ධනාගාරයට

සැක කටයුතු බැංකු ගිණුම් 16 රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරයට රැගෙන ගියේය.

හිටපු අමාත්‍යවරයාගේ දියණියන් දෙදෙනෙකු හා බෑනා යන සැකකරුවන් තිදෙනෙකු අල්ලස් කොමිස මම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර තිදෙනා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කළාය.

අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑනාවන ඉසුරු පුලස්ති යන සැකකරුවන් ඇප තැන්පත් කර පිටව ගියද ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප තැන්පත් කිරීමට නොහැකිව බන්ධනාගාරගත විය.

සැකකරුවන්ට රුපියල් පනස් දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *