චීන – ආසියා ප්‍රදර්ශනයේ ලංකාවට ලොකු තැනක්

චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමා‍ත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ නියෝජිතයෝ සහභාගී වූහ.

9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී ආරම්භ විය.

මෙම වසරේ ප්‍රදර්ශනයේ තේමා රට වන්නේ ශ්‍රී ලංකාවයි.  ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයෝ 100 ක් පමණ මෙවර සහභාගී වී සිටිති. මැණික් සහ ස්වර්ණාභරණ, සිලෝන් ටී, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රැසක් ඊට අයත්ය.

ලබන 24 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි.

එම ප්‍රදර්ශනය මෙම වසරේ පැවැත්වෙන චීනය හා දකුණු ආසියානු රටවල් අතර වැදගත් ම ආර්ථික සහ වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් ලෙස සැලකේ. චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති Wang Dongming මහතා එහි සමාරම්භක උත්සවයට ‍එක් ‍වෙමින් දේශනයක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *