කෝප් සභාවේ නිර්දේශවලට කඩිනම් නීති පියවර ඕනෑ

පොදු ව්‍යාපාර කාරක සභාවේ මතුවන කරුණු පිළිබඳව කඩිනමින් නීති පියවර ගැනීමට නීතිපතිවරයාට යොමු කිරීමට හැකිවන පරිදි නීතිමය සංශෝධන කඩිනමින් කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අත්තිකාරම් ලබාදීමේ විශේෂ විගණන වාර්තාවත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ විගණන වාර්තා සහ කාර්ය සාධනය ගැන මේ විවාදයේදී සලකා බැලෙනවා.

කිරි ගවයන් ආනයනය කිරීමේ පළමු සහ දෙවන අදියර යටතේ කිරි ගවයන් හාරදාහක් පමණ ආනයනය කර තිබුණා.තුන්වන අදියර යටතේ කිරි ගවයන් 20000ක් ආනයනය කිරීම සඳහා 2014 සිට කටයුතු සම්පාදනය වී තිබුණා.කිරි ගවයන් පහළොස් දාහක් ආනයනය කරන්න කටයුතු කර තිබුණත් එහි  සිදු වූ අලාභයන් හඳුනාගෙන නිර්දේශයන් දී තිබියදීත් ඒ ගැන නොසලකා කටයුතු කිරීම නිසා ගැටලු ගණනාවක් ඇතිවී තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *