ජනප්‍රිය ඉන්දීය නළුවන් දෙදෙනෙක් ලංකාවට

ශ්‍රී ලංකාවේ රූ ගත කෙරෙන පේට්‍රියට් සිනමා පටයේ දින 03 ක රූ ගත කිරීම් සදහා ඉන්දීය ජනප්‍රිය සිනමා නළු මෝගන්ලාල් විශ්වනාතන් සහ තවත් ඉන්දීය නළු කන්චකෝ බාබන් ඊයේ 06/15 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම සිනමා නිර්මාණයඉන්දියාවේ භාෂා 08 කින් (Pan India ) තිරගත කිරීමට නියමිතය. මොවුන් දෙදෙනා 06/15 දින දහවල් 11.20 ට ඉන්දියාවේ කොචින් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 166 දරන ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශයේ සංචාරයක ප්‍රවර්ධනය සදහා විදේශීය චිත්‍රපට අංශයේනිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *