ලක්විජය එක් ජනන යන්ත්‍රයක් දින 25කට නවති

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රය වාර්ෂීක නඩත්තුවක් සදහා දින 25 කට  13  රාත්‍රියේ සිට ජනන කටයුතු නවතා දමන බව විදුලි බල මණ්ඩල ඉහළ නිළධාරීයකු කළ විමසිමේදි පැවසිය.

ලක්විජය බලාගාරයෙ පළමු, දෙවන හා තුන්වන අදියර තුනක් ඇති අතර එයින් තුන්වන ජනන යන්ත්‍රය මෙලෙස ජනන කටයුතු නවතා වාර්ෂීකව සිදුකරන නඩත්තුව සිදු කිරීමට නියමිත බවද  කියයි.

නොරෝච්චෝල බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවෝට් 900 කට ආසන්න විදුලි ධාරීතාවයක් ලබා දෙන අතර තුන්වන අදියර නැවතී යාමත් සමඟ එය මෙගාවොට් 600 කට ආසන්න සිමාවකට යටත් වන බව කියයි.

කෙසේ නමුත් තුන්වන ජනන යන්ත්‍රය දින 25 ක නඩත්තුවට නවතා දැමුවද රටේ විදුලි අවශ්‍යතාවයට කිසිදු ගැටළුවක් නොවන බව විදුලි බල මණ්ඩල ඉහල නිළධාරීන් පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *