කළුතර ප්‍රා. සභා විදුලි සේවකයා ඝාතනය කර ඇත්තේ වැරදීමකින්

කළුතර  ප්‍රාදේශිය විදුලි සේවකයකු  සිය නිවසේදී  කපාකොටා ඝාතනය කර ඇත්තේ අත් වැරදීමකින් බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් හෙළිව ඇති බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

කළුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවක, දෙදරු පියෙකු වූ සුගත් ප්‍රසංග මහතා  පදිංචිව සිටී කළුතර පනාපිටියේ පිහිටි  නිවසට  පසුගිය 7 වැනිදා අළුයම තියුණු ආයුධ රැගෙන කඩාවැදුන පිරිසක්  දොර කඩා දරු දෙදෙනා ඉදිරිපිටදී  කපාකොටා ඒ මහතාව ඝාතනය කර බිරිඳ ට  කඩු ප්‍රහාරයක් එල්ලකර පලාගොස් තිබුණි.

ඒ අනුව පරීක්ෂණ කල කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතා ඇතුළු නිළධාරීන්  ප්‍රදේශයේ සීසීටීවී දර්ශණ පරීක්ෂා කිරීමෙන් පසු  කළුතර මෙනේරිතැන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *