ලුණු මිල හිතුමතේ වැඩි කළොත් උපරිම සිල්ලර මිලක් නියම කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
හිඟයකින් තොරව ලුණු ජනතාවට ලබාගත හැකිවුව ද වෙළඳපොලෙහි ලුණු මිලෙහි වැඩිවීමක් පිළිබඳව පැමිණිලි ලැබෙන බැවින් වැඩි ලාභ අපේක්ෂාවෙන් ලුණු මිල අසාධාරණ ලෙස ඉහළ නංවන්නේ නම් ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කරන බවද සමරසිංහ මහතා පැවසීය.
එම ගැටලුව සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.