අර්චුනාගේ කතාවට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරක්

කන්ටේනර් තුන්සිය විසිතුනකින් ප්‍රභාකරන්ගේ අවි ආයුධ ගෙනා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මහතා කරන ප්‍රකාශය පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

රටකින් රටකට ඒ ආකාරයට අවි ආයුධ ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි පැවසූ ආරක්ෂක ලේකම්වරයා මේ ආකාරයට ජනතාව නොමග යැවීම අපරාධයක් බවද සඳහන් කළේය.

වරායට පැමිණෙන සියලුම කන්ටේනරයක්ම දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *