ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ජනාධිපති කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම්  හා පැමිණිලි දැනුම් දීම සඳහා ජනාධිපති කාර්‍යාල පරිශ්‍රයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර තිබේ.

මෙම අභ්‍යන්තර කටයුතු ඒකකය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා  අතින්  විවෘත කෙරිණි.

අදාල පැමිණිලි හෝ විමසීම් අභ්‍යන්තර කටයුතු ඒකකය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ලිපිනයට හෝ   0112354495 දුරකථන අංකයෙන්, 0716402654 – whatsapp අංකයෙන්, iau@presidentsoffice.lk යන විද්‍යුත් ලිපිනයෙන්  සිදු කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *