අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් ඊයේ (3) පස්වරුවේ හට ගත්තේය.
මේ තත්වය ඇති වූයේ නාමල් මන්ත්‍රීවරයා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් සිටියදී අධිකරණ අමාත්‍යවරයා ඔහුගේ කතාවට බාධා කළ අවස්ථාවේදීය.
නාමල් රාජපක්ෂ මහතා:
ඔබතුමා කරපු ප්‍රකාශ ගැන මම කණගාටු වෙනවා. අපේ ආණ්ඩුවක් ආපු නිසා තමයි මේ තීන්දුව ආවේ කියලා මෙතුමා කියනවා. ඔබතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නීතිඥයෙක්.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා:
ඔබතුමා එඩිට් කරපු වීඩියෝ බලලා මෙතන කියවන්නේ එපා.සම්පූර්ණ එක ඔබතුමාට දෙන්නම්. ඔබතුමා පනතට අනුව කතා කරන්න බොරුවට මඩ ගහන්න එපා.
නාමල් රාජපක්ෂ මහතා:
ඔබතුමා හැමදාම කියනවා වගේ පිස්සු නැත්නම් හොඳයි.