තලවකැලේ ලිදුල නගර සභාවට අයත් මස්කඩ කාමරයක් අඩු ලන්සුවකට ලබාදීමෙන් රුපියල් ලක්ෂ 23කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන හිටපු සභාපති අශෝක සේපාල ලබන 11වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.
2019 වසරේ දී ලිදුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මස්කඩ කාමරයක් වැඩි ලන්න්සුවකට ලබා නොදී,අත්තනෝමතිකව අඩු ලංකුවකට ලබා දී රුපියල් 2380000.00 ක පාඩුවක් සිදු කිරීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් හා සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ කීපයක් සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරු බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.