සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාද අහිමි නොකරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාවක නිරත වූහ.
එම ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රය තුළ බිම වාඩි වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවය නිරත වූහ.
තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග අවස්ථා ගණනකදී ඉල්ලා සිටියත් ඊට අවස්ථාවක් නොලැබූ බැවින් මෙලෙස විරෝධතාවය නිරත වූ බවත් එම ගුරුවරු පැවසූහ.
අතර මැදි පන්ති සඳහා තම දරුවන් තමා සිටින පාසලට ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය මේ වසරේ කප්පාදු කළහොත් කිසිදු ගුරුවරයෙකුට මෙම වරප්‍රසාදය යළි හිමි නොවනු ඇති බවත් ඔහු පවසති.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ කුමන හේතුවක් නිසාවත් පුරප්පාඩු නොමැති පන්ති සඳහා ළමුන් ඇතුළත් කර නොගන්නා බවයි.
පුරප්පාඩු පවතින පාසල් සඳහා චක්‍රලේඛය නිකුත් කළ පසු පවතින ක්‍රමවේදය යටතේ එම ගුරුවරුන්ට අතරමැදි පන්ති සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.