බිංගිරිය සිසුවියගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක සිය දිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය  කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇත.

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක්  පසුගියදා නේවාසිකාගාරයකදී  සියදිවි හානි කර ගත්තාය.

මානසික ආතතියක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කර ඇති හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම්  විමර්ශනයක් කරන ලෙස විවිධ පාර්ශව ඉල්ලීම් රජයෙන් ඉල්ලීම් කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *