කොළඹ වරායෙන් නිදහස් කෙරුණු ආන්දෝලනාත්මක කන්ටේනර් 323 සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අධිකරණයට යොමුවන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් තොරතුරු දීම නතර කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා එම කන්ටේනර් වලට අදාල තොරතුරු ඇතුළත් රේගු සටහන්කරය ගැනීමට අධිකරණයට යොමුවන බවද ප්‍රකාශ කළේය.
මෙම කන්ටේනර් පිටුපස ලොකු හොරකමක් සිදුවී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අද කිසිවකු කතා නොකරන බව ජයසේකර මහතා සඳහන් කළේය.