වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් රන් පැහැති ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා නියෝග කළේය.
පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් දුමින්ද දිසානායක කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ලබා ගත් වෛද්‍ය වාර්තා අනුව සැකකාර දුමින්ද දිසානායක මහතා රෝගී තත්ත්වයෙන් පසු වන හෙයින් බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙසට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරන ලදී.
රන් ආලේපිත ටි 56 ගිනි අවිය බලපත්‍රයක් නොමැති නීතියානුකූල නොවන ගිනි අවියක් බවත්, හතරවන සැකකරුවන දුමින්ද දිසානායක මහතා පළමුවැනි සැකකාරිය හට දුරකථනයෙන් කතා කොට තමන් දැනුම් දෙනතුරු මෙය පළමුවන සැකකාරිය සන්තකයේ තබාගන්නා ලෙසට පවසා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.