කොලොන්නාව ප්‍රදේශයේ වැසි ජල සහ ගංවතුර ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා රුපියල් මිලියන 30ක ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති 26 ක් කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා නිරීක්ෂණය කළේය.
එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුයේ කොලොන්නාව ප්‍රදේශයේ ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවයි.
මීට පෙර රජයන් සිදු කළේ ගංවතුර පැමිණි විට කෑම ටිකක් බෙදා තත්ත්වය මග හැර යාම බවයි. නමුත් වත්මන් රජය කොළොන්නාවේ ගංවතුරට ස්ථිරසාර විසඳුමක් දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.