බත් පතට මුහුදු වතුර ඉස ගෙන කන්න වෙලා

ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉස ගෙන කන තත්ත්වයක් ඇතිවෙලා.ලුණුත් නෑ, බතුත් නෑ, අන්තිමට මේ රටේ පසුත් නැති වේවි යැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටට අවශ්‍ය වන්නේ කටට වඩා වැඩ යැයිද මන්ත්‍රීවරයා කීය.

“පළාත් පාලන මැතිවරණය අප දුටුවේ ජනාධිපතිගේ මැතිවරණයක් හැටියට. මේ ඇමතිවරු හෝ මන්ත්‍රීවරු අපේක්ෂකයෝ සහභාගී වූ මැතිවරණයක් නොවේ.එසේ නම් මේ මැතිවරණයේදී ජනාධිපතිවරයාට ලක්ෂ විසි තුනක් ඡන්ද අහිමි වී තිබෙනවා.මන්ත්‍රීවරුන්ට මේ මැතිවරණය මෙහෙයවන්න ඉඩ නොදුන් නිසා ජනාධිපතිවරයාම අදාළ පරාජය පිළිගත යුතු බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දැන් ප්‍රකාශ කර තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *