හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරියට නඩු

නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතී්‍යානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම මඟින් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ  නඩු පැවරීය.

මීට වසර 06කට පෙර එනම් 2019 වසරේ හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් අල්ලස් පණතේ 70 වැන වගන්තිය යටතේ දැක්වෙන ‘දුෂණය’ නමැති වැරදි කළ බවට විත්තිකාර අමාත්‍යවරියට එරෙහිව චෝදනා 11ක් යටතේ අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.

2019 ජනවාරි 14 වැනිදාත් 2019 ජනවාරි 31 වැනිදාත් අතර කාලය තුළ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතී්‍යානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවන ලදැයි අල්ලස් කොමිසම විත්තිකාරියටට එරෙහිව චෝදනා 11ක් යටතේ නඩු පවරා තිබිණී.

විත්තිකාරිය අල්ලස් පණතේ 70 වැනි වගන්තිය යටතේ දැක්වෙන ‘දුෂණය’ නමැති වැරදි කර ඇතයිද ඒ සම්බන්ධයෙන් ඇය දඬුවම් ලැබිය යුතු යැයිද අල්ලස් කොමිසම වැඩිදුරටත සඳහන් කර ඇත.

හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 08 දෙනකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛණ 25 ක් ඉදිරිපත් කිරරීට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *