කටුනායක ඇඟළුම් කම්හලක් හදිසියේ වසා දමලා

කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තුළ පවත්වාගෙන ගිය නෙක්ස්ට් ( NEXT ) ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව ඊයේ දින සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ .

1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර , එහි නිෂ්පාදිත ඇගලුම් ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බව එහි සේවකයෝ පවසති . සේවක සේවිකාවන් 2,000 ක් පමණ සේවය කර ඇත.

වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා මෙම කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරය සේවකයන් වෙත නිකුත් කර ඇති ලේඛනයක සදහන් වේ .

මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැදී සිටින අතර , කර්මාන්ත ශාලාව තුළ කිසිදු වගකිවයුතු නිලධාරීවරයකු නොමැති බව ද එම ආරක්ෂක නිලධාරීන් පැවසූහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *