පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, පසු ගිය සති කිහිපයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වී මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අද(19දා) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මේ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව විසින් පසුගියදා නොතීසියක් මගින් දැනුම්දුන් අතර ඒ අනුව ඒ මහතා පළමු වරට අද කමිටුව හමුවේ පැවැත්වීමට නියමිත පරීක්ෂණ කටයුතු සඳහා පෙනී සිටීමට නියමිතව තිබේ.
විමර්ශන කමිටුව අද පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිත ය.