ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ඉල්ලා අස්වීමට හේතු කියයි

පෞද්ගලික හේතුවක් මත තමා ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව ඇල්කඩුව වැවිලි  සමාගමේ හිටපු සභාපති සිසිර  විජේවර්ධන මහතා පැවසීය.

සිය ඉල්ලා අස්වීම පිළිබඳව ඇතැම්  මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් රජය අපහසුතාවට  පත් කිරීමේ  අරමුණින් අසත්‍යය තොරතුරු පතුරුවන බවත් සිය ඉල්ලා අස්වීමට  ප්‍රධාන හේතුව වූයේ ලෙස තමා කාලයක් විදේශගතව.  රැකියාවක නිරත වූ බවත් නැවත එම සමාගම් වලින්  ලැබුණු ඉල්ලීම අනුව රැකියාව බාර ගත්  බවද ඒ මහතා  පැවසීය .

තමා සභාපති ධූරය දැරූ කෙටි කාලය තුළ ඇල්කඩුව වැලි සමාගම ඉහළට ඔසවා තැබීමට හැකි වූ බවත් ඒ සඳහා විෂය භාර අමාත්‍යවරයා ඇතුළු රජයේ විශේෂ සහාය හිමිවු බවද හෙහෙතෙම  වැඩිදුරටත්  පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *