පොලොන්නරුව සිරිපුර බාල පොහොර ජාවාරම්කරුට අයත් බව කියන තවත් බාල පොහොර පටවා ගත් ලොරියක් දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ සඟවා තිබ්යදි සොයා ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.
එම ලොරියෙ බාල පොහොර මිටි 80 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.
පොහොර මිටි දෙසියයකට ආසන්න සංඛ්‍යාවක් ගෙනවිත් ඇති අතර එවා ස්ථාන කිහිපයකට බෙදා හැර ඇති බවද පොලිසිය කියයි.
දෙහිඅත්තකණ්ඩිය පොලිසියට ගොවියකුගෙන් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.