කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැවැසෙයි.
මෙම සේවකයන් කප්පාදුව 2023 වසරෙන් පසුව මයික්‍රෝසොෆ්ට් සමාගම සිදුකළ විශාලතම රැකියා කප්පාදුව වන අතර එය ප්‍රතිශතයක් ලෙස මයික්‍රෝසොෆ්ට් සේවය කරන මුළු සේවකයන්ගෙන් සියයට 3 කි. මෙම රැකියා කප්පාදුව ගෝලීයව සිදුවන බවත් මයික්‍රෝසොෆ්ට් මූලස්ථානයට සම්බන්ධ සේවකයන් 1985 කගේ රැකියා මෙම කප්පාදුව හේතුවෙන් අහිමිවනු ඇති බවත් පැවැසෙයි.
රැකියා අහිමිවන පිරිස අතර සිටින වැඩිමපිරිස මෘදුකාංග ඉංජිනේරුවන් සහ නිෂ්පාදන කළමණාකරුවන් බවද සඳහන් වේ. මෙම රැකියා කප්පාදුවේ ප්‍රධාන අරමුණ වී මයික්‍රොසොෆ්ට් සමාගමේ සිටින කළමණාකරුවන් පිරිස අඩුකිරීම වුවත් සෑම මට්ටමක සේවකයන් මෙම රැකියා කප්පාදුවට හසුවනු ඇති බවද පැවැසෙයි. සේවකයන් ඉවත්කිරීමේ නිවේදනය ඊයේ (14) එම සමාගම තම සේවකයන් වෙත ලබාදී ඇත.
ආදායම් පුරෝකතන අභිබවා යමින් මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම වසරේ පළමු මාස 3 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 25.8 දළ ආදායමක් ඉපැයූ අතර ඒ හේතුවෙන් පසුගිය අප්‍රේල් මස අවසානයේදී එම සමාගමේ ආදායම් ඉලක්ක පුරෝකතන ඉහළ දැමීමට ආර්ථික විද්‍යාඥයෝ කටයුතු කළහ.
ලාබලබමින් සිටින මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම රැකියා කප්පාදුව සිදුකරන්නේ බාධාවකින් තොරව කෘතීම බුද්ධිය වෙත අවධානය යොමු කිරීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණත් මයික්‍රෝසොෆ්ට් සමාගම එය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ සමාගමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් රැකියා කප්පාදුව කරන බවයි.