ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
ලුණු මෙටි්‍රක්ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බවත් එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් ඇති බවත් අමරසිංහ මහතා කීය.
ඉදිරි සතිය තුළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ද අමරසිංහ මහතා සදඳහන් කළේය.
කැට ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 450 ත් 500ත් අතර මිලකට අළෙවි කරයි.
පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇති බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත්ය.