මාදුරුඔයට වැටුණු හෙළිකොප්ටරය ගොඩ ගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස්  නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයුතු කළහ.

මාදුරුඔය විශේෂ බලකායේ 09 වෙනිදා පැවැති විශේෂ බළකා විසිර යාමේ පෙළපාලියට නිදර්ශනාත්මක පුහුණුවට සහභාගි වෙමින් සිටියදී ජලාශයට කඩා වැටුණු මෙම ගුවන් යානයේ සෙබළුන් 12 දෙකු ගමන් ගත් අතර ඉන් විශේෂ බළකා සෙබළුන් සිව්දෙනකු සහ ගුවන් හමුදා භටයන් දෙදෙනකු  ජීවිතක්ෂයට පත්ව, හයදෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ජලාශයට කඩා වැටුණු හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ හත්වැනි බල ගණයට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර්  යානය අනතුරට ලක්වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී.

විශේෂ බලකායේ විසර යාම පෙළපාළියේ සෙබලුන් එකසිය තිස්දෙනකු විසිර යාමට නියමිතව සිටි අතර, එම උත්සවයට යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහභාගි වූ අත‍ර, හෙලිකොප්ටර් ගුවන් යානය අනතුරට පත්වීමත් සමග උත්සවය අතර මග නතර කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *