වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

පළාත් පාලන ආයතනවල තනතුරු වලට පත් කිරීමට සුදුසුම පුද්ගලයන්ට සහාය දෙන බවද ඔහු සඳහන් කළේය.

සර්ව ජන බලය පක්ෂය කෙටි කලකදී ලබාගත් දියුණුව සුවිශේෂ එකක් බව පැවසූ මහාචාර්යවරයා මෙවර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරු දෙසිය ගණනක් දිනාගත් බවද සඳහන් කළේය.

සර්ව ජන බලය මෙරටේ ඉදිරියට එන ප්‍රධාන දේශපාලන දහරාව බවට ඉදිරියේදී පත්වනු ඇතැයිද චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

පසුගාමී වැඩපිළිවෙළ හේතුවෙන් මාලිමාව මෙවර පළාත් පාලන ඡන්දයේදී පසුගිය මහ මැතිවරණයට වඩා ඡන්ද ලක්ෂ විසිතුනක් අඩු කරගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *