ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවීමකට අනූව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
වසංගත රෝග විද්‍යා අංශයේ සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සියලුම අංශ නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය සහ පාලනය සදහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග පිළිබඳව ඉතා පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලැබී ය.
රත්නපුර රෝහල ආශ්‍රිතව පසුගිය දිනවල වාර්තා වූ තත්ත්වය පිළිබඳවත් එමෙන් ම දිවයිනේ අවදානම් දිස්ත්‍රික්කවල වත්මන් තත්ත්වය පිළිබඳවත් මග කරුණු සොයා බැලිණි.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සහ මර්දනය සදහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන සැලැස්මක් සකස් කිරීමට අවශ්‍ය මූලික ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු වූ අතර විශේෂයෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ තීන්දු තීරණ රාශියක් ද මෙහි දී ගනු ලැබීය.
එම සැලසුම් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතු බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා එම අවස්ථාවේ දී ම අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
මෙම සාකච්ඡාව සදහා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා මහත්වරුන් ඇතුළු එම අංශවල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.