වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

2018 සිට 2022 වර්ෂය දක්වා කාලය තුළදී වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් සිටියදී විකිණීම සඳහා සංවර්ධනය කරමින් තිබූ ඉඩමකට අනුමැතිය ලබාදීම සඳහා රුපියල් පනස් හතර ලක්ෂ අසූ දහසක මුදලක් ලබා ගැනීම සහ කොන්ත්‍රාත් සමාගමකට රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් පැමිණිලිකරු ලවා ගෙවීමට සැලැස්වීම සම්බන්ධයෙන්  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් රුපියල් පනස් හතර ලක්ෂ අසූ දහසක මුදල අවස්ථා කිහිපයකදී විටින් විට ලබාගෙන ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බව එම කොමිෂන් සභාව කියයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  වැඩි දුර විමර්ශන සිදුකරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *