පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍ය බව අප හැමවිටම ජනතාවට කිව්වා
. එය ජනතාව පිළිගත්තා. දේශපාලකයා අධි වරප්‍රසාද පුද්ගලයෙක් බවට පත්වෙලා හිටියේ.මතු මහලේ වැජඹුණු දේශපාලකයා සැබෑ ජනතා නියෝජිතය කොට ජනතාව අතරට ගේන්න අපට අවශ්‍ය වුණා.අප ඒ පියවර ගත්තා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.