මාව දැම්මේ ලක්ෂ 10ක චෙක්පතට පාර්ලිමේන්තුට ගේන්නම ලක්ෂ 20ක් යනවා

තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් සම්බන්ධයෙන් වුවත් තමන්ව බදුල්ල බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ඒම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ට වඩා වියදම් කරන බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ  පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. බදුල්ල බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින් මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවට ගෙන ආවේය. මෙහිදී මන්ත්‍රිවරයා සඳහන් කළේ තමන් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුව රැගෙන ඒම වෙනුවෙන් බස් රථයට රුපියල් ලක්ෂයක් පමණ වැය වන බව මන්ත්‍රිවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *