සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දීමේ සිද්ධිය සමිබන්ධ තවත් ජේෂ්ඨ සිසුන් 06ක් ලබන (16දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනලෙස බලන්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රැක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කළාය.
එම සිසුන් හය දෙනා සමනල වැව පොලිසිය වෙත භාරවිමෙන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි
පන්නිපිටිය, දෙහිවල, මැදවච්චිය ,ඇතුළු ප්‍රදේශි කිහිපයක සිසුන් හය දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
නවකවදවය ලබා දිමක් හේතුවෙන් සිත්තැවුලට පත්ව තාක්ෂණ පිිඨයේ දෙවැනි ශේණියේ ඉගනුම ලැබු චරිත් දිල්ශාන් නැමති සිසුවා ඉකුත් 29 වැනිදා දිවි හානි කරගත් බවට වාර්තා වු බව සමනල වැව පොලිසිය පැවැසීය. නවකවදය ලබා දිමේ සිද්ධිය සමිබන්ධයෙන් සිසුන් 20කගෙන් ඉකුත් දා ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් පසු සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවින්ද්‍ර ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්යාංශයේද සහය ඇතිව සිදුකල විමර්ශන වල ප්‍රතිපලයක් ලෙස මෙම සිසුන් සමනල වැව පොලිසිය වෙත භාර වුහ.
මෙම නවක වඳය සිද්ධිය සමිබන්දයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණ සිදු කරන බැවින් එම සිසුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන බලන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කළේය.
මේ අතර තවත් සිසුන් හතර දෙනෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කල අතර එම සිසුන් සිව් දෙනාද ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙිි න විට සිද්ධියට සමිබන්දව චෝදනා ලැබ සිටින ජේෂ්ඨ සිසුන් 10 කු අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
නවක වඳය ලබා දිමි පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින් මොවුන්ට ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිහු විසින් අධිකරණයට කරැණු දකිමින් ප්‍රකාශ කලහ.
මේ අතර එම සිසුන් වෙනුවෙන් පෙනීෙසිටි නිතිඥ දේශබන්දු සුරියබටබැදි මහතා අධිකරණය ඉදිරියේ කරැණු දක්වමින් කියා සිටියේ මෙම දරැවන්ගේ ඡායාරූපසමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර විවිධ අපහාස සිදු කරන බවත් ,ඒ හේතුවෙන් බන්ධනාගාර තුලදි විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙසත්ය.
එයට අමරව ලබන 15 වැනිදා මෙම සිසුන්ට විභාග පැවැත්වෙන බවත් ඒ සදහා සහභාගි විමට අවසර ලබා දෙන ලෙසද නිතිඥවරයා ඉල්ලා සිටි අතර එම ඉල්ලිමි වලට මහෙස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.