පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව ඔහු කීවේය

මේ සඳහා පියවර කීපයක් අනුගමනය කරන බවත් කොට්ඨාශයක් ඇතුලේ තියෙන්නේ එක ඡන්ද මධ්‍යස්ථානයක් නම් අනිවාර්යයෙන්ම ඒ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීම කරන බවත් ඔහු කීවේය.

එක් කොට්ඨාසයක් ඇතුලේ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තිබේ නම් සමහර ස්ථානවල ඡන්ද පොලේදීම ඡන්ද ගණන් කිරීම කරන බව ඔහු කීවේය.

මේ කටයුතු සඳහා කොට්ඨාස තේරීම් භාර නිලධාරී ලෙස විශේෂ නිලධාරියකු පත්කර ඇති බව පැවසූ සභාපතිවරයා ඡන්ද  ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ප්‍රධාන ඡන්ද ස්ථානාධිපතිවරයාට බවද සඳහන් කළේය.

දිස්ත්‍රික්කවල එකෙක් පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් එහිදී ප්‍රතිඵල සියල්ල එකතුකර පළාත් පාලනයේ මුළු ප්‍රතිඵලය සකස් කරන බවත් හෙතෙම පැවසීය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන හයවෙනිදා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *