2025 – 5- 06 වැනි දිනට අදාල පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන් හට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවන පරිදි නිවාඩු ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් වරයා විසින් දැනුම් දීමක් සිදු කොට ඇත.
ඒ අනුව සෑම සේවකයෙකුටම ඡන්දය සඳහා වන නිවාඩු කාලසීමාව, එම සේවකයාගේ කාර්යාලය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත නිගමනය කළ යුතු අතර නිවාඩු ලබාදෙන ආකාරය මෙසේ දක්වා ඇත.
කිලෝමිටර් 40 හෝ ඊට අඩු – දින භාගයයි
කිලෝමීටර් 40-100 අතර – දින 1ක්
කිලෝමීටර් 100-150ත් අතර – දින 1 1/2ක
කිලෝමීටර් 150ට වැඩි – දින 2ක්