හිටපු ජනපතීන්ගේ තව තටු කැපේ

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත.

මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.

මේ සම්බන්ධයෙන් අප හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට මෙතෙක් ලබාදී තිබූ දුරකථන හතරෙන් තුනක්ම ඉවත් කර ඇති බවයි.

එසේම සේවකයන් සංඛ්‍යාවද සීමා කර ඇතැයි පැවසූ එම නිලධාරියා නිල වාහන සංඛ්‍යාවද දෙකකට අඩු කර ඇතැයි ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ විවිධ පහසුකම් අඩු කිරීමට ජාතික ජන බලවේග රජය පසුගියදා තීරණය කළේය. මෙම පහසුකම් මෙසේ ඉවත් කර ඇත්තේ ඒ අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *