පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන්ව ඇති හෙරොයින් කිලෝ 494ක් අද(28දා) විනාශ කිරීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා මහාධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගය අනුව අද උදෑසන 10ට පුත්තලම පාලවිය පිහිටි ඉන්සේ සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පාලවිය පිහිටි උඳුන වෙත රැගෙන යාමට නියමිතව ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ මහාධිකරණයෙන් භාර ගැනීමෙන් අනතුරුව විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම පිහිටි දහන උඳුන වෙත රැගෙන යාම සිදුකරනුඅ ඇත.