දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ මහනුවර මහ නගර සභාවේ සේවක පිරිස් සඳහා ශ්‍රී දන්ත ධාතුන් වැද පුදා ගැනිමේ අවස්ථාව අද සවස උදා කර දීමට දළදා ප්‍රදර්ශන කමිටුව කටයුතු කළේය.
මහනුවර නගරයට පැමිණි ජනතාවට අවශ්‍ය ජල පහසුකම් සනිපාරක්ෂක පහසුකම් ලබා දීම මෙන්ම දිනපතා එකතු වන ටොන් ගණනක් වන කැලි කසළ ඉවත් කිරිමේ කටයුතු නිසි පරිදි සිදු කිරීම ආදියට ගෞරවයක් වශයෙන් මෙම සේවකයන් සඳහා මෙම අවස්ථාව ලබා දීමට නාගරික කොමසාරිස් තුමියගේ ඉල්ලීම මත තීරණය කර තිබිණි.
මෙම අවස්ථාවට එක් වූ නගර සභා සේවකයන් සඳහන් කළේ දළඳා වහන්සේ වෙනුවෙන් තමන් කළ සේවාව වෙනුවෙන් තමන්ට මෙම අවස්ථාව හිමිව ඇති බව තමන් විශ්වාස කරන බවත් එය ලබා දීමට කටයුතු කළ සියළු දෙනාට ස්තුති කරන බවත්ය.