‘මහනුවර නගරය කුණු ⁣ගොඩක් වෙලා‘

ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

තැන තැන ගොඩගැසුණු මළ මුත්‍රා ඇතුළු කසළ හේතුවෙන් විවිධ ලෙඩ රෝග පැතිරී මහනුවර නගරය විශාලා මහනුවරක්වීමට ඉඩ ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ සියලු ප්‍රශ්න ගැටලු උදාවූයේ ආණ්ඩුව පෙර සූදානමක් නොමැතිව දළදා වන්දනාව සූදානම් කිරීම නිසා බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා මෙයට පෙර රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරැන් දළදා වන්දනාව සඳහා මාස තුනකට කලින් සූදානම්වූ බවද ප්‍රකාශ කළේය.

දළදා වන්දනාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට රැස්වීම් පහළොවක් පමණ එදා පැවැත්වූ බවත් ඒවාට එම ජනාධිපතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෞද්ගලිකවම සහභාගි වූ බවත් කිරිඇල්ල මහතා පැවසීය. දළදා වන්දනාව සඳහා එදා අමාත්‍යාංශ දහයකට වැඩ කටයුතු පැවරූ බවත් නගරයට වතුර රැගෙන ඒම සෞඛ්‍ය අමාත්‍යාංශයට ද කූඩාරම් සැපයීම නිවාස අමාත්‍යාංශයටද ආහාර සැපයීම සංචාරක අමාත්‍යාංශයටද වශයෙන් එලෙස වැඩ පැවරූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *