විපක්ෂ නායක පුටුවට එජාපයේ ගැටුම්

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පක්ෂය මේ වන විට වැටී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා නව නායකත්වයක් වෙත ඉඩ ලබා දිය යුතු බවයි.

“එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් නොවන්නේ නම් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට හා පාර්ලිමේන්තු කණ්ඩායමට පක්ෂයේ තීරණ ගැනීමට හා සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා නොදෙන්නේ නම් තමා රක්වාන මැතිවරණ කොට්ඨාශයේ එජාප සංවිධායක ධුරයෙන් අයින් වන බවද ඔහු කීවේය.

මේ අතර පාර්ලිමේන්තුවේ විපල්ෂ නායක පුටුව සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතුය යන්න ඉල්ලමින් එජාප මන්ත්‍රීන් 45 දෙනකුගේ අත්සනින් කථානායකවරයාට ලිපියක් යවා ඇත. නමුත් රනිල් පාර්ශ්වය විපක්ෂනායක ධූරය ඉල්ලා ඇත. පක්ෂයේ පැහැදිලි බෙදීමක් ඇතිවී ඇතිබව දේශපාලන විචාරකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *