මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගත් සිසු සිසුවියෝ ප්‍රතිශතය සියයට 3.45 ක් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමිත් ජයසුන්දර මහතා එසේ පැවසීය.
එම ප්‍රතිඵල අනුව එම විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් සියයට 64.73 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
විශ්ව විද්‍යාලවල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් ලබන සිසුන්ගේ වර්ධනයක් ප්‍රදර්ශනය කරන බවත් 2023 එය සියයට 64.33 ක් බවට පත්ව තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 274,361ක් පෙනී සිටි බවත් ඉන් සිසුන් 177,588 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් සපුරා ඇති බවත් ඒ මහතා කීය.
එම විභාගයට පාසල් අයදුම්කරුවන් 222,774 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ඇතුළත් වූ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.