ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ මේ මේ ව්‍යාපෘතියක් නොවන අතර මෙරට අධ්‍යාපනය නිවැරදි කිරීමට අවංක අදහසින් ගන්නා ක්‍රියාමාර්ගයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
පසුගිය කාලයේ ගුරුවරුන් බඳවාගැනීම නිසි පරිදි නොවුණු බවත්, ඉදිරියෙ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්නා බවත් අග්‍රාමාත්‍යවරය කීවාය.
කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්ගහවෙල, වීරඹුගෙදර, පිදුරුවැල්ල, පිල්ලැස්ස, මාවතගම සහ පරගහදෙනිය යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.