කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක්  ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි

එම සැකකරු සමග හොරෙයින් මත්කුඩු කිලෝ 13 යි ග්‍රෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ  3 යි  ග්‍රෑම් 580 ක් හා විද්‍යුත් තරාදියක් පොලිස් බාරයට ගෙන ඇත

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත  නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාට ලද තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ  ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කවිඳු ප්‍රභාශ්වර මහතා ඇතුළු කණ්ඩායමක්  වැටලීම සිදු කර ඇත.

එහි සිටි සැකකරු අත්අඩංගුවට ගෙන නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ ගමන් මල්ලක බහා සඟවා තිබූ මත්කුඩු තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

හෙරොයින් මත්කුඩු තොගය පාර්සල් 13 ක් වශයෙන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 02ක් වශයෙන් තිබූ බව පොලිසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මහර ප්‍රදේශයේ මොරින් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ නමක් සඳහන් කළ බවත් ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීම සඳහා  27 හැවිරිදි සැකකරුට එරෙහිව රැදවුම්  නියෝග ලබා ගන්නා බවත් පොලිසිය  කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *