“මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ” යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
“දේශපාලනය කළා කියලා එක රුපියලක් අපේ සාක්කුවට වැටෙන්නේ නැහැ” යැයිද ඇය කීවාය.
කොට්ටහච්චි මහත්මිය මෙසේද පැවසුවාය.
මාලිමාවට වෙඩිතියන්න කලින් හොඳට කල්පනා කරන්න ඕනෙ. මාලිමාව කියලා කියන්නෙ අපට ඡන්දය නොදුන්, අපිව අවිශ්වාස කළ සහ අපට ගල්මුල් ගසන බොහෝ දෙනෙකුට ලේසියෙන් ඉලක්ක කරන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි. ඒක මේ වෙලාවෙ කියන්න ඕනෙ.
ඒ කණ්ඩායම තේරුවෙ ඔබ. ඒ නිසා ලේසියෙන් පස්සට හැරිලා යන්නෙ නැති කණ්ඩායමක් ඔබෙන් බලය ඉල්ලනවා නැවත වතාවක් ගම හදන්න බලයක් දෙන්න කියලා. මේ රට හදමු කියන පරම පැතුමෙන් ඔබ ළඟට එන ඒ කණ්ඩායමට බලය දුන්නාට පව් පිරෙන්නෙ නෑ”
බණ්ඩාරගම මෛත්රිශාලාවේ පැවැති මැතිවරණ රැස්වීමක් අමතමින් මන්ත්රීවරිය මෙසේ පැවැසීය.