පොහොර සහනාධාරය පරක්කු වූ හේතුව ජනපති කියයි

යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සකස් කර දීමට අසමත් වීම නිසා බව ජනාධිපති අනුර දිසානායක මහතා අනුරාධපුරයේ දී පැවසීය.

ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ මෙවැනි ගැටලු මගහරවා ගැනීමට බවද ජනාධිපතිවරයා කීය.

“අපේ රටේ කෘමිනාශක සහ වල්නාශක මාෆියාවක් තිබෙනවා. මෙම සමාගම් විශාල ලාභයක් ලබනවා. ඒ නිසා සිපෙට්කෝ ආයතනය යළි කෘමි නාශක සහ වල් නාශක වෙළෙඳපොළට තරඟකාරී ලෙස මැදිහත් වෙනවා. දැනුත් කෘමිනාශක කිහිපයක් සහ වල්නාශක කිහිපයක් වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. වල්නාශක සහ කෘමිනාශක වල මිල සියයට පනහකින්වත් අඩු කිරීමට අපි සැලසුම් හදනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

ජාතික ජන බලවේගයේ පලාත් පාලන මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා අනුරාධපුරයේ පැවැති ජන රැළියේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *