වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ වව්නියාව දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක විශේෂ නිරීක්ෂණයකට එක් වෙමිනි.
වව්නියාව දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවට ප්‍රශස්ථ, කාර්යක්ෂම රෝගී සත්කාර සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින් එමරෝහල් වල මානව සහ භෞතික සම්පත් සංවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම නිරීක්ෂණයේ නිරත විය.
මෙරට තෘතීයික සෞඛ්‍ය සත්කාර සපයන රජයේ රෝහල් 53න් රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය නොවන රෝහල් ප්‍රමාණය හතක් බව කී අමාත්‍යවරයා හොරණ, අවිස්සාවේල්ල, ගම්පහ යන රෝහල් ත්‍රිත්වය හැරුණුකොට ඉතිරි රෝහල් වන්නේ උතුරු පළාතේ ප්‍රධාන රෝහල් හතර බව පැවසීය.