ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දඬුවම නියම කළේය.

මීට වසර 10කට පෙර මෙම අපරාධය කළේ විත්තිකරු විසින බවට පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරයේදී ප්‍රාණය නිරුද්ද වනතුරු විත්තිකරුගේ බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වුයේ පැටි්‍රක් ක්‍රිෂනරාජා නමැත්තාටය.

2015 ජූලි 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ හෙට්ටිවීදියේ ලැගුම්හලකදී ධර්මරාජා කාර්තිකා නමැති කාන්තාවක් ඝාතනය කර ඇයගේ මෘතදේහය ගමන් මල්ලක සඟවා කොළඹ බැස්ටියෙන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොලේ දමා යෑම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *