රනිල්ගෙන් මෝදිට ලියුමක්

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

“සංචාරකයින් ඉලක්ක කර ගනිමින් එල්ල වූ පිළිකුල් සහගත ත්‍රස්ත ප්‍රහාරය ගැන දැනගත් විට මම බලවත් කණගාටුවට හා කම්පනයට පත් වීමි. මෙම සාහසික අපරාධය තරයේ හෙළා දකින අතරම, මම ඔබටත්, ඉන්දීය රජයටත්, ජනතාවටත්, විශේෂයෙන්ම විපතට පත් වූවන්ගේ පවුල් වල සාමාජිකයින්ට අවංක ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

සාමය පිරි අනාගතයක් ගොඩනැගීම සඳහා එක්සත් වීමට ඔබ ඉදිරියට එන බව මට විශ්වාසයි ,යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ගැවූ ලිපියේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *