ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් ඊයේ(18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
රග්බි ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකා රග්බි වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරුණි. ඒ සඳහා ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහයෝගය ලබා දීමට කයිස් මහතා මෙහිදී එකඟතාවය පළ කළේය.
මෙම අවස්ථාවට ආසියානු රග්බි සම්මේලනයේ උප සභාපති රිස්වාන් මලික්, ආසියානු රග්බි සම්මේලනයේ විධායක කමිටු සාමජිකයන් වන බෙන්ජමින් වෑන් රූයන්, අසංක සෙනෙවිරත්න,ග්ලාරාඩ් ප්‍රභූ සහ ජාතික තේරීම් කමිටුවේ සභාපති ප්‍රියන්ත ඒකනායක යන මහත්වරු ද එක්ව සිටියහ.