පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
නමුත් පිල්ලෙයාන් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ මිනිමැරුමක් සම්බන්ධයෙන් බව කී මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුව විසින් ඉවත් කරන බව කියු ත්‍රස්ත මර්දන පනත යටතේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ යැයි කීය.
පිල්ලෙයාන්ගේ වරදක් තිබෙනවා නම් ඔහුට දඩුවම් ලබාදිය යුතු නමුත් ත්‍රස්ත මර්දන පනතින් නැතිව රටේ සාමාන්‍ය නිතිය අනුව ඔහු අත්අඩංගුවට ගන්න තිබූ බවද නලින් බණ්ඩාර මහතා පැවසීය.
ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව , අසමත්භාවය , අකාර්යක්ෂමභාවය වසා ගැනිමට තවමත් පරණ බොරු වලින් ජනතාව මුලාවට පත් කරන්න උත්සාහ ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.