මොන ලේබල් ගැහුවත් උතුරේ ජන අයිතීන් රකිනවා

මොන ලේබල් ගහන්න හැදුවත් නොබියව උතුරේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ ජන රැළියකදී පැවසීය.

ජාතික සමගිය ස්ථාපිත කිරීම සඳහා ගත හැකි සියලු තීරණ ගන්නා බව කී ජනාධිපතිවරයා අල්ලා ගත්තා අත් තවත් ශක්තිමත්ව එකට බැඳගනිමු යැයි උතුරේ ජනතාවට ආරාධනා කළේය.

සියලු ප්‍රශ්න පියවරෙන් පියවර විසඳන බව මෙහිදී අවධාරණ කළ ජනාධිපතිවරයා ජාතික ජන බලවේග ආණ්ඩුව කිසි විටෙක පළාතක ජනතාවගේ උරුමයක්, අයිතියක් උදුරා ගන්න කටයුතු කරන්නේ නැති බව කීය.

යළි යුද්ධ නොකරන රටක් දරුවන්ගේ පරම්පරාව වෙනුවෙන් ගොඩනගන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය සංවිධාන කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *